Breaking News

ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ හදිසි වෙනසක්.

Published

on

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය අද (20) ඇරඹෙනවා

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේදී නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන අතර ක්‍රීඩා අමාත්‍යවරයා ඒ බව නිවේදනය කර සිටියා.

ඒ අනුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නායක දසුන් ශානකහට හිමි වූ අතර උපනායකත්වය චරිත් අසලංක හට හිමිවුනා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් මෙම මෙම සංචිතයේ හදිසි වෙනසක් සිදු කරමින් ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දුව ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. ඒ ආබාධයට ලක් වූ බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත වෙනුවටයි…

ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරග වදින ශ්‍රී ලංකා සංචිතය පහතින්,

01. Dasun Shanaka (Capt)
02. Dhanushka Gunathilake
03. Pathum Nissanka
04. Kusal Mendis (WK)
05. Charith Asalanka (VC)
06. Bhanuka Rajapaksha (WK)
07. Ashen Bandara
08. Dhananjaya de Silva
09. Wanidu Hasaranga
10. Mahesh Theekshana
11. Jeffry Vandersay
12. Praveen Jayawickrema
13. Dushmantha Chameera
14. Chamika Karunaratne
15. Dilshan Madhushanka
16. Matheesha Pathirana
17. Dinesh Chandimal (WK)
18. Nuwanindu Fernando
19. Asitha Fernando
20. Pramod Madhushan

Trending

Exit mobile version