International

ආබාධයක් හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රා ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට !

Published

on

ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති අවසන් තරගයේදි ආබාධයකට ලක්වුණ අතර පසුව ඔහුගෙ ආබාධය දරුණු වීම හේතුවෙන් ඔහු ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ඉන්දීය තෙරීම් කමිටුව තීරණය කර ඇත. ඉන්දියාවේ T20 ලෝක කුසලාන තරගාවලියේ දැවැන්ත පසුබෑමකට මුහුණදී සිටින අතර පෙරමුණේ සිටින ජස්ප්‍රිට් බුම්රා පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගීවීම අවිනිශ්චිත වේ. බුම්රා බදාදා ඔහුගේ පිටේ අලුත් ස්කෑන් පරීක්‍ෂණයක් කිරීමට බැංගලෝර් වෙත ගිය අතර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී. කොන්දේ ආබාධයක් හේතුවෙන් බුම්රාට අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ආසියානු කුසලානය අහිමි වූ නමුත් පසුව ඔස්ට්‍රේලියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති T20 තරගාවලිය සඳහා ඔහුව තෝරා ගන්නා ලදී. ඉන්දියාවට ලෝක කුසලානය සඳහා වේගපන්දු යවන්නන් දෙදෙනෙක් වන මොහොමඩ් ෂාමි සහ දීපක් චහර් ඔවුන්ගේ සංචිතවල සිටිති. තවමත් කවුරුන් තෝරා ගන්නේද නැද්ද යන්න තීරණය කර නොමැත.

Trending

Exit mobile version