International

අවුන්සාන් සුකීට වසර හයක සිර දඬුවමක්.

Published

on

හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් විසින්, බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර අමතර වසර හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
සුකීව වරදකරු කළ අදාළ නඩු විභාගය මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රවේශයක් නොමැතිව පැවැත් වූ අතර, ඇයගේ නීතීඥයින්ට නඩු කටයුතු පිළිබඳ තොරතුරු හෙළි කිරීම ද තහනම් නියෝගයක් මගින් වාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අද(15) මියන්මාර අධිකරණයක් මගින් තීන්දුව ලබා දුන් අදාළ දූෂණ නඩු හතරේ දී, සුකීට මහජන ඉඩම් වෙළඳපල මිලට වඩා අඩු මිලකට කුලියට ගැනීමට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර නිවසක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබුණා. චෝදනා හතරකට ම ඇයට වසර තුන බැගින් වූ සිරදඬුවම් ලැබුණු නමුත්, චෝදනාවට චූදිත වූ තිදෙනෙකුට සිරදඬුවම් සමගාමීව ගෙවනු ලබන අතර ඇයට තවත් වසර හයක සිරදඬුවමක් හිමි වුණා. 2021 වසරේ පෙබරවාරි මාසයේ දී හමුදාව විසින්, කුමන්ත්‍රණයකින් ඇය තේරී පත් වූ රජය නෙරපා හැර ඇයව රඳවා තබා ගැනීමට කටයුතු කළ අතර, මීට පෙර පැවති නඩු විභාගවල දී ද ඇය රාජද්‍රෝහී, දූෂණ සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වසර 11ක සිරදඬුවමක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ඇයට සහ ඇගේ සහචරයින්ට එරෙහිව එල්ල වී ඇති බොහෝ චෝදනා ලබන වසරේ හමුදාව විසින් පොරොන්දු වූ මැතිවරණයක් පැවැත්වීමට පෙර ඇය දේශපාලනයෙන් ඉවත් කරමින් හමුදාව බලය අල්ලා ගැනීම නීත්‍යානුකූල කිරීමේ උත්සාහයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න

Trending

Exit mobile version