Politics

අලුත් මැතිවරණයක් එන්නේ තවත් අවුරුදු දෙක හමාරකින්.

Published

on

මැතිවරණයක් පැවැත්වෙන්නේ තවත් වසර දෙක හමාරකින් පසුව පමණක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පැවති උත්සවයකදී අවධාරණය කළා. අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පවතින දේශපාලන ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වෙමින් පවතින බවයි. ලෝකය ඉල්ලූ දේශපාලන ස්ථාවරත්වය ද පාර්ලිමේන්තුව හරහා ලබා දී ඇති බවයි ඔහු කියා සිටියේ. වත්මන් පාර්ලිමේන්තුවට මැති ඇමතිවරුන් පත්කර ඇත්තේ වසර 5ක කාලයක් සඳහා වන අතර එබැවින් පවතින ආණ්ඩුව ඉතිරි වසර දෙක හමාර දක්වා ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් ද විවිධ අදහස් පළ කළා.

Trending

Exit mobile version