International

අමෙරිකානු ජනපති සහ චීන ජනපති අතර උණුසුම් වචන හුවමාරුවක්.

Published

on

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තායිවානය මුල් කරගෙන උණුසුම්
කතාබහක් සිදුවී තිබේ . මෙම මතභේදකාරී තත්ත්වය උද්ගතවී ඇත්තේ දුරකථන මාර්ගයෙන් පැය 2ක් පමණ රාජ්‍ය නායකයින් අතර පැවති සංවාදයක් අතරතුරය. තායිවානය සම්බන්ධ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට යම් හෙයකින් චීනය කටයුතු කළහොත් ඊට දැඩි විරෝධය පළකරන බව අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ . එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තායිවානය සම්බන්ධ තම රටේ ප්‍රතිපත්තිය ඉදිරියේදීත් නොවෙනස් බවය.

Trending

Exit mobile version