Local News

අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

Published

on

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට යුනියන් පෙදෙසේදී ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරගලකරුවන් නිදහස් කිරීම, බඩු මිල අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ කොළඹ ලිප්ටන් වට රවුමෙන් මෙම පාගමන ආරම්භ කළා. පසුව ඔවුන් පාගමනින් පුරහල ඔස්සේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලිසිය මාර්ග බාධක යොදා ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. විරෝධතාවට එක්ව සිටි පිරිස යුනියන් පෙදෙසේ මාර්ග අවහිර කිරීමත් සමග පොලිසිය මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.
මෙහිදී විරෝධතාවට එක්ව සිටි සිසුන් කිහිප දෙදෙනෙකු පොලිස් භාරයට ද ගත් බවයි පොලිසිය සදහන් කළේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Trending

Exit mobile version