Local News

අත්අඩංගුවට ගැනීම් ගැන මානව හිමිකම් කවුන්සිලයේ කනස්සල්ල.

Published

on

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා. එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බවයි. ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බව ඇය සිය ට්ව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් පරික්ෂණ අද දිනයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සඳහන් කලා.

Trending

Exit mobile version