International

අඩු වැටුප් ලබන විදේශීය ශ්‍රමිකයින්ට සාධාරණ වැටුප් ලබා දෙන්න කියා පාප් වහන්සේ ඉල්ලයි

Published

on

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිංගප්පූරුවට පැමිණ තිබෙනවා.

උන්වහන්සේගේ මෙම තෙදින සංචාරයට රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් සහ ශිෂ්‍යයින් සමඟ රැස්වීම් ඇතුළත්.

රටේ මිලියනයකට අධික අඩු වැටුප් ලබන විදේශීය ශ්‍රමිකයින්ට සාධාරණ වැටුප් ලබා දෙන ලෙස ප්‍රමුඛ පෙළේ ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන සිංගප්පූරුවේ දේශපාලන නායකයින්ගෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා තිබෙනවා.

සිංගප්පූරුවේ වේගයෙන් වයස්ගත වන ජනගහනය සහ මූලික වශයෙන් ඉදිකිරීම් සහ ගෘහ සේවා කර්මාන්ත කේන්ද්‍ර කරගත් එහි සංක්‍රමණික ශ්‍රම බලකාය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි එහිදී උන්වහන්සේ බලධාරින්ට අවධාරණය කර ඇත්තේ.

පාප් වහන්සේ මේ බව සඳහන් කර සිටියේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දේශපාලඥයින් සහ සිවිල් සහ ආගමික නායකයින් 1,000ක් පමණ අමතමින්.

ටේලර් ස්විෆ්ට් සහ මැඩෝනාට සත්කාරකත්වය සැපයූ සිංගප්පූරුවේ විශිෂ්ටතම ක්‍රීඩාංගයේ, අද සවස දිව්‍ය පූජාවක් පවත්වන අතර ඊට 50,000 ක් පමණ සහභාගී වණු ඇති බව සඳහන්.

සිංගප්පූරුවේ ජනගහනයෙන් 10% කට වඩා අඩු ප්‍රමාණයක් එනම් 400,000 ක් පමණ කතෝලිකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

සිය බැතිමතුන් හමුවීමට ගිය පාප් පදවියේ දීර්ඝතම විදේශ සංචාරයවන මෙම දින 12 ක ආසියා-පැසිෆික් සංචාරය සිංගප්පූරුවේ ගත කරන දින 3 ක කාලයෙන් පසු අවසන් වනවා.

87 හැවිරිදි උන්වහන්සේ මීට පෙර ඉන්දුනීසියාව, ටිමෝර්-ලෙස්ටේ සහ පැපුවා නිව්ගිනියාවට සංචාරය කළා.

කෙසේ වෙතත් ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වසරකට පෙර මෙම සංචාරය අවලංගු කළ අතර පාප් වහන්සේ මෙලෙස සංචාරය කිරීම පුදුමය උපදවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version