Local News

අගොස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

Published

on

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබෙනවා.

මේ බව අද (16) ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

දුනිත් වෙල්ලාලගේ පසුගිය මස ඉන්දියාව සමඟ පැවැති තරගවාලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ වුණා.

ඔහු සමඟ අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්.

මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම එම මාසයේ ක්‍රීඩිකාවට බවට පත් වුණා.

අයර්ලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවි ලකුණු 86ක් සහ ලකුණු 65ක් රැස්කරගත්තේ, තරගාවලියේ වැඩිම ලකුණුලභියා වෙමින්.

එමෙන් ම එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමටයි ඇය සමත් වුණේ.

එහිදී ලකුණු 19, 105ක් සහ නොදැවි ලකුණු 48ක් ලබාගත්තා.

එමෙන් ම අදාළ සම්මානය සඳහා නිර්දේශ වූ සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා අයර්ලන්ත ජාතිකයන් වීම විශේෂත්වයක්.

ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් ඒ සඳහා නිර්දේශවී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version