Connect with us

Breaking News

හෝමෝ සේපියන්ස් මානවයන්ගේ මොළයට වඩා අද මිනිස් මොළය කුඩා වෙලා

Published

on

නූතන මිනිසුන්ගේ මොළය මීට වසර 100,000කට පෙර විසූ හෝමෝ සේපියන් මානවයන්ගේ මොළයට වඩා සියයට 13%කින් පමණ කුඩා බවට සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

නමුත් ඊට හේතුව කුමක්ද යන්න පර්යේෂකයින්ට තවමත් ප්‍රහේලිකාවක්.

සාමාන්‍යයෙන් මිනිසාගේ මොළය විශාල ලෙස හැඳින්වෙන අතර එය පෘථිවියේ වාසය කරන අනෙක් සත්ත්ත්වයින්ට වඩා සුවිශේෂි ලෙස සැළකෙන්නේ චින්තනය සහ නවෝත්පාදනය සඳහා මිනිසාට ඇති හැකියාව හේතුවෙන්.

එම හැකියාව ඉගෙනීමට, කලා නිර්මාණයන්ට, විවිධ සොයාගැනීම්වලට සහ සඳ තරණයට පවා යෙදවිය හැකියි.

ඒ අනුව නිසැකවම, අනෙකුත් සතුන් සමඟ සසඳන විට, මිනිසාගේ මොළය විශාලයි.

නමුත් මිනිසාගේ මොළය සම්බන්ධයෙන් සිදුකළ විවිධ අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ වර්තමානයේ මිනිසාගේ මොළය කුඩා බවටයි.

එම ප්‍රවණතාවය හෝමෝ සේපියන්ස් මානවයන් හා සසඳන විට ආපසු හැරවීමක් ලෙස සැළකිය හැකි බව පර්යේෂකයින්ගේ අදහස වනවා.