Connect with us

Breaking News

රුසියාවට රිච්ටර් මාපාංක 6.5ක භූ කම්පනයක්

Published

on

රුසියාවට රිච්ටර් මාපාංක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රුසියානු ඩොලින්ස්ක් නගරයේ සිට කිලෝමීටර් 150ක් නැගෙනහිර දෙසින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා හා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ.

රුසියානු වේලාවෙන් 14:28 ට පමණ Okhotsk මුහුදේ හටගත් රික්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනය කිලෝමීටර් 407 (සැතපුම් 253) පමණ ගැඹුරකදී සිදුව තිබෙනවා.

එම කම්පනය ජපානයට දැනී තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ මූලික වාර්තා තවම ලැබී නැහැ.

මේ නිසා කිසිදු සුනාමි උපදේශනයක් ලබා දී නොමැති බවත් විදෙස් වාර්තා පවසනවා.

Continue Reading