Connect with us

Sports

පන්දු 23ක් තුල ලකුණු 64ක් රැස් කරමින් Andre Russell ගේ අධිවේගී පිතිහරඹය.

Published

on

ක්‍රිකට් ලෝකයට නවතම ආකෘතියක් හඳුන්වා දෙමින් පසුගිය වසරේ එංගලන්තයේ ආරම්භ වූ ‘THE HUNDRED’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ මෙම වසරේ පැවැත්වෙන සංස්කරණය වන THE HUNDRED – 2022 මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ අතර තරගාවලියේ 18 වන තරගය ලෙස Manchester Originals කණ්ඩායම සහ Southern Brave කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 68ක ජයක් හිමිකර ගැනීමට Manchester Originals කණ්ඩායම සමත් වුනා.

තරඟයයේ කාසියේ වාසිය දිනාගත් Southern Brave ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Manchester Originals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Manchester Originals කණ්ඩායම පන්දු 100 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා.

Manchester Originals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Jos Buttler පන්දු 42කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා. ඊට නොදෙවෙනි අතිශය ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ Andre Russell පන්දු 23ක් පමණක් වය කරමින් වේගවත් ලකුණු 64ක් රැස් කිරිමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් එල්ල කරමිනි.

පන්දු යැවීමේදී Jake Lintott සහ Michael Hogan එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Southern Brave පිතිකරුවන්ට පන්දු 84ක් තුල සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 120ක් පමණයි

Southern Brave ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ George Garton ලකුණු 25ක් රැස් කල අතර Ross Whiteley ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේදී Paul Walter කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. තරඟයේ වීරයා ලෙස Andre Russell සම්මානයට පාත්‍ර වුවා.

තරඟයේ විශේෂ අවස්ථා 👇