Connect with us

Sports

ආසියානු කුසලාන අවසන් මහා තරගය අද. ආසියානු කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අපෙන් උණුසුම් සුභපැතුම්!

Published

on

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) පැවැත්වෙනවා. පාකිස්තානය පරාජය කරමින් ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති තරගයේදී කඩුළු 2ක තියුණු ජයක් ලබමින්. දැනට ආසියානු කුසලානයේ වත්මන් ශූරයා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම්
ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටයි. ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් ආසියානු ශූරයන් බවට පත් වී තිබෙනවා. අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ඔවුන් ජයගන්නා 7 වන ආසියානු කුසලානය මෙය වනු ඇති. එසේ වුවහොත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානය දිනාගෙන තිබෙන අවස්ථා ගණන සමාන වෙනවා. මෙවර ආසියානු කුසලානයේ වැඩිම කඩුළුලාභීන් දෙදෙනා බවට මේ වන විට පත්ව තිබෙන්නේ මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ වන අතර වැඩිම ලකුණුලාභීන් අතර දෙවන ස්ථානය හිමිකරගෙන සිටින්නේ කුසල් මෙන්ඩිස්.