Tech

iPhone 16 ගැන පණිවිඩයක්

Published

on

ලබන මස නිකුත් කිරීමට නියමිත iPhone 16 පෙළගැස්ම හි “Pro” වඩාත්ම නිෂ්පාදනය වන මාදිලිය වනු ඇති බවට වාර්තා පළවන බව විදෙස් වාර්තා පවසනවා.

ඇපල් සමාගම විසින් “Pro” මාදිලි වෙත වැඩි අවධානයක් දී ඇති බැවින් i phone 16 pro max මෙම වසරේ වඩාත්ම ජනප්‍රියම උපාංගය වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඇපල් සමාගම විසින් iPhone 16 පෙළගැස්මේ ඒකක මිලියන 90.1ක් නිෂ්පාදනය කරනු ඇති අතර, සමස්ත iPhone 16 පෙළගැස්මට සාපේක්ෂව මෙම වසරේ i phone 16 pro සහ iPhone 16 pro max 67%ක නිෂ්පාදන අනුපාතයක් ඇති බව සඳහන්.

‘Plus’ ප්‍රභේදය ඒකක මිලියන 5.8ක් පමණ අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව එම වාර්තාවල දැක්වෙනවා.

Apple Intelligence විශේෂාංගය ඇතුළු නවතම එකතු කිරීම් රාශියක් මෙම iPhone පෙළගැස්මේ අළෙවියට රුකුලක්වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

සමාගම දැනට සංවර්ධකයින් සමඟ iOS 18.1 පරීක්‍ෂා කරමින් සිටින නිසා නව විශේෂාංග දැනට ලබා ගත ගැනීමට හැකියාවක් නැති අතර මෙය බොහෝ විට මූලික දියත් කිරීමෙන් සති කිහිපයකට පසුව ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරනු ඇති බවට සඳහන් වනවා.

2025 වසරේ iPhone 17 පෙළගැස්ම සඳහා මෙතක් කල් පැවති iphone plus මාදිලිය වෙනුවට අතිශය තුනී iPhone “Slim” හඳුන්වා දීමට යන බවටද තොරතුරු වාර්තා වෙනවා.

Trending

Exit mobile version