Business

BYD SEALION 6 DM-i රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Published

on

ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, Plug-in Hybrid තාක්ෂණයෙන් සමන්විත BYD ​​DM-i මාදිලියේ BYD SEALION 6 DM-i මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් විදුලි මෝටර් රථ (EVs) සඳහා වූ BYD ප‍්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කළ බව සාඩම්බරයෙන් නිවේදනය කළේය.

අංක 447, යුනියන් පෙදෙස කොළඹ 02 හි අති උත්කර්ෂවත් ලෙස පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට BYD Auto Industry Co. Ltd හි මෝටර් රථ අලෙවි අංශයේ (ආසියානු පැසිපික් කලාපය) සාමාන්‍යාධිකාරී Liu Xueliang ඇතුළුව John Keells සමූහයේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර සහ CG Corp Global කළමනාකාර අධ්‍යක්ෂ නිර්වානා කුමාර් චෞද්‍රි යන මහත්වරුන් එක්ව සිටීයේය.

ශ‍්‍රී ලංකාවේ තිරසාර ප‍්‍රවාහනය කරා රැගෙන යාමට සහාය දැක්වීමේ BYD හි කැපවීම අවධාරණය කරමින් BYD Auto Industry Co. Ltd හි මෝටර් රථ අලෙවි අංශයේ (ආසියානු පැසිපික් කලාපය) සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා පැවසුවේ ‘‘පසුගිය වසර 27 තුළ විවිධ කලාප ආවරණය කරමින් තිරසාර ප‍්‍රවාහනය සහ යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කරනු ලැබුවා. බැටරි, විදුලි මෝටර, ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති සහ මෝටර් රථ මාදිලිවල chips වැනි තාක්ෂණයන් පිළිබඳ අප සතු ප‍්‍රවීණත්වය සහ පළපුරුද්ද නව බලශක්ති වාහනවල ගෝලීය ප‍්‍රමුඛයා බවට පත් වීමට අපට උපකාරී වුනා. මෙම දැනුම හා තාක්ෂණය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙමින් තිරසාර ප‍්‍රවාහන කර්මාන්තයක් ගොඩනැගීමට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපිට ඉතා සතුටුයි.’’ යනුවෙනි.

Trending

Exit mobile version