Connect with us

Local News

රුචික හා මිල්කා පොදුරද මඩුලු ජිම්නාස්ටික් තරග ඉසව්වෙන් අවසන් වටයට යයි.

Published

on

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන්වැනි දිනය අද (31) යි.
ඊයේ පැවති ජිම්නාස්ටික් තරගවලදී රුචික ප්‍රනාන්දු සහ මිල්කා ගිහානි අවසන් වටයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගත්තා. ජිම්නාස්ටික් තරගාවලියේ අවසන් වටයේ තරග අද පැවැත්වෙනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 59 බර පන්තිය යටතේ ශ්‍රීමාලි සමරකෝන් ඊයේ පස්වරුවේ තරග බිමට පිවිසියා.
එහිදී ඇය ස්නෑච් ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක් සහ තවත් කිලෝග්‍රෑම් 87ක් ඔසවනු ලැබුව ද ඇයගේ බලාපොරොත්තු බිඳ වැටුණා. සමස්ත බර පන්තියේ කිලෝග්‍රෑම් 152ක් එසවූ ඇයට හිමිවූයේ 08 වැනි ස්ථානයයි.
පිරිමි කිලෝග්‍රෑම් 61 බර ඉසිලීමේ තරග ඉසව්වට ඉදිරිපත් වීමට තිලංක පළඟසිංහ සූදානම්ව සිටියත්, ඔහුට තරගය අතරමැදදී හදිසියේ හටගත් ආබාධා තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවුණා. සිය කුළුදුල් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වූ ගංඟා සෙනෙවිරත්න මීටර් 100 පසුපස ආර මූලික වටයේ පිහිනුම්
තරගයෙන් 20 වැනි ස්ථානය දිනූ ඇය සිය පෞද්ගලික හොඳම පිහිනුම් කාලය වාර්තා කළා. ඒ තත්පර 1.61ක් ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සත් සාමාජික රග්බි මූලික වටයේ අවසන් තරගයට එක් වුණා.