Connect with us

Business

වසර විස්සකට පසු මෙරට වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්.

Published

on

මෙම වසරේ ජූනි මාසයේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසනවා.
එලෙස අතිරික්තයක් වාර්තා වී ඇත්තේ විසි වසරකට පසුව වීම විශේෂත්වයක්. ජූනි මාසය තුළ අපනයන ආදායම ඉහළ යාමත් ආනයන වියදම අඛණ්ඩව පහත වැටීමත් හේතුවෙන් වෙළඳ ශේෂයේ අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මේ අතර මහ බැංකුව සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාව මුහුණදෙන දුෂ්කරතාවන් අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව අවම වීම බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.