Connect with us

Local News

කොළඹ ළමා රෝහල තුල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්.

Published

on

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ
වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින්ද කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින බවය.
“මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් -19 වැලඳුනු දරුවන් 10 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබනවා .
සාමාන්‍යයෙන් දිනකට රෝගීන් දෙතුන් දෙනෙක් වගේ වාර්තා වන මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා . ඒ වගේම
අපේ කාර්ය මණ්ඩලයෙත් ආසාදනයට ලක්වන අවස්ථා දක්නට ලැබෙනවා . කෙසේ හෝ මේ ආසාදනය වන
පුද්ගලයින් මේ වනවිට ආසාධ්‍ය තත්ත්වයේ රෝගීන් ලෙසවාර්තා වන්නේ නෑ . කෙසේ නමුත් මේ රෝගි
තත්ත්වයත් උත්සන්න වෙමින් පවතිනවා . එතකොට මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් තියෙන අවස්ථාවක මේ
රෝගී තත්ත්වයත් තවදුරටත් උත්සන්න වීම තුළින් සෞඛ්‍ය සේවාව සහ අපේ රටේ ජනතා වගේ සෞඛ්‍ය
තත්ත්වය පවත්වා ගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා . එම නිසා අපේ
රටේ ජනතාවගෙන් මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා හැකි සෑම අවස්ථාවකම මුවවැස්ම භාවිත
කරන්න, දෑත් පිරිසිදුව තබා ගන්න. අනවශ්‍ය එකතුවීම් අවම කරන්න.”

Continue Reading