Connect with us

International

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි.

Published

on

මෙරට වේලාවෙන් අද අලුයම එංගලන්තයේ බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වුණා. ඒ එංගලන්ත සම්ප්‍රදායට මුල්තැන දෙමින් පැවති අභිමානවත් සමාරම්භක උළෙලකින් අනතුරුවයි. සමාරම්භක උත්සවයට දෙවන එලිසබෙත් මහා රැජින සහභාගි නොවුණු අතර, ඒ වෙනුවට රැජිනගේ පණිවුඩය රැගෙන පැමිණියේ වේල්සයේ ආදිපාද චාල්ස් කුමරු සහ කොන්වෝල්හි ආදිපාද කැමිලා කුමරියයි. ඉන් අනතුරුව 2014 වසරේ නොබෙල් සාම ත්‍යාග ලාභී පාකිස්ථානයේ මලාලා යුසුෆ්සායි සමාරම්භක උළෙලට එක්වුණා. රටවල් 72 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු එක් වනවා. සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාම සිදුකළේ කණ්ඩායම් නායක ඉන්දික දිසානායක සහ ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තුයි.