Connect with us

Local News

රාජපක්ෂවරුන්ට එරෙහි සියලු විමර්ශන යළි ආරම්භ කරනවා

Published

on

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ආණ්ඩුවට සති දෙකයි දැන් පරික්ෂණ පටන් අරගෙන තියෙන්නේ. සතුරෝ කලබල වෙලා තියෙනවා. අපි කියන්න ඕනේ කලබල වෙන්න එපා බැඳුම්කර වංචාව පිළිබඳව, පාස්කු ප්‍රහාරය පිළිබඳ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ තරුණයින් 11දෙනෙකු අතුරුදන් කිරීම, අසූචි පොහොර නැවට ගෙවීම, එයාබස් ගනුදෙනුව, මේ සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරම්භවෙලා තියෙනවා. නාමල් රාජපක්ෂ හිතාගෙන ඉන්නවා අපිට උගන්ඩාව පෙන්වලා ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යට ගහයි කියලා, නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දෙස බලාගෙන ඩුබායි ගිණුම්වල සල්ලි මාරුකරපු හැටි හොයන්නේ නැතුව ඉඳියි කියලා. රවී වෛද්‍යාලංකාර එකක් ඩීල්දාලා යට ගහපු ෆයිල් ටික අවුසන්නේ නැතුව ඉඳියි කියලා. ඒ නිසා උගන්ඩාවේ ඉඳලා ප්ලේන් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින්වලට එනකොට ඒ අය ආවේ ගියේ කොහොමද කියන එක හොයනවා බලනවා. උගන්ඩාවේ විතරක් නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයනවා. ඒ නිසා හොරු පෝලීමට කරපු හොරකම් ගැන පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා.”