Connect with us

Uncategorized

ජෝන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්

Published

on

සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිසම ගොනුකර ඇති මෙම නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 21 සිදු කිරීමට කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර තිබේ.

2014 ජනවාරි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් 39 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

අද (27) දින නඩුව කැඳ වූ අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රානාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ කාජා මොහොදින් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *