Connect with us

Local News

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අපි ජයග්‍රහණය කරනවා – සජිත්

Published

on

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් ඊයේ (18) පැවසුවා.

රටේ ජනතාවගේ වගකීම සමගි ජන සන්ධානය භාර ගන්නා බවත් දක්ෂ, පලපුරුදු කණ්ඩායමක් සමග පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

රට ගොඩනැගීමට පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට සමගි ජන සන්ධානය වටා එක්වන්නැයි ආරාධනා කරන බවත් ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අවසන් ප්‍රචාරක රැළි සඳහා මොණරාගල දී ඊයේ (18) එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

එම රැස්වීම්වලදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

“බුද්ධි අංශ වාර්තා අනුව ලක්ෂ විස්සකට වැඩි ඡන්දයෙන් අපි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. මගේ කකුලෙන් අදින අනුර රනිල් දේශපාලන ජෝඩුව අද පහළ මට්ටමට වැටිලා.

උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කළා. එහෙම කරපු පළවෙනි අපේක්ෂකයා මමයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය අඩංගු සියලුම යෝජනා අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.

අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ජයග්‍රහණය සාමයෙන් භුක්ති විඳින්න කියලා මම ලක්වාසී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසිවකුටත් හිංසා පීඩා කරන්න එපා. සමගි ජන බලවේගය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැහැ. විරුද්ධ මතධාරීන්ට කිසිදු හානියක් සිදු කරන්න එපා. ඒ අයත් රට ගොඩනගන වැඩපිළිවෙලේ කොටස්කරුවන් කර ගත යුතුයි. සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳලා ඊළඟ මොහොතේ ඉඳලා රට ගොඩනගන වැඩපිළිවෙලට මුළු රටම සූදානම් කරනවා.