Connect with us

Local News

වසර 11ක් පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා සිට් රැඳෙවියෙක් පලා යයි

Published

on

වසර 11ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ, මෙසේ පලාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන බොරැල්ල – බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි රැදිවියකු බවය.

පලාගිය රැදවියා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයේ යොදවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෙම රැදවියා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වසර 11 ක් සහ මාසයක් එම සිරකඳවුරේ රදවා සිටි අයකු බවය.