Connect with us

International

හිටපු ජනපති ට්‍රම්ට ආයෙත් වෙඩි තියන්න හදල

Published

on

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට සැකකරු උත්සහ දරා ඇති බවයි.

රයිෆලයක් අතැතිව සැඟව සිටි සැකකරුට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු පළාගොස් තිබේ.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය ජූලි මාසයේ පෙන්සිල්වේනියාවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී ද ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්විය.

මෙලෙස දෙවැනි වරටත් ඔහු ඝාතනය කිරීමට තැත් කර ඇත්තේ, ඉරානය ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා ඇති පසුබිමකදීයි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන් කිසිදු හානියක් සිදුව නැත.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *