Connect with us

Breaking News

වසර 75කට පසු චීන නගරයට වුණ දේ

Published

on

චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නගරයට ප්‍රබල සුළි කුණාටුවක් පතිතවී තිබෙනවා.

Bebinca ලෙස නම් කර ඇති මේ සුළි කුණාටුව ප්‍රාදේශීය වේලාවෙන් 07:30 ට (23:30 GMT) පමණ ෂැංහයි හි නැගෙනහිර ලින්ංග් නව නගරයේ වෙරළබඩ ප්‍රදේශයට පහර දුන් බවයි චීන කාලගුණ විද්‍යා පරිපාලනය පවසන්නේ.

මෙය වසර 75කට පසු ෂැංහයි නගරයට බලපෑ ප්‍රබලතම කුණාටුව බව චීන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

ප්‍රාදේශීය නිලධාරීන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙස ෂැංහයි ප්‍රදේශයේ 400,000 කට වැඩි පිරිසක් ඉරිදා සවස් වන විට වෙනත් ස්ථානවලට ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෂැංහයි හි කොටසක් වන යැංසි නදිය අසල පිහිටි දූපතක් වන චොංමිං දිස්ත්‍රික්කයෙන් තවත් 9,000 ක් ඉවත් කර ඇති බව සඳහන්.

නගරයේ ප්‍රධාන ගුවන් තොටුපළවල් දෙකේ සියලුම ගුවන් ගමන් නවතා දැමීම නිසා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර, දුම්රිය සේවා ද අවලංගු කර අධිවේගී මාර්ග ද වසා දමා තිබෙනවා.

නගරය තුළ මාර්ගවල 40km/h (25mph) වේග සීමාවක් සහිතව වාහන ධාවනය කළ යුතු බවටයි උපදෙස් දී ඇත්තේ.

කුණාටුවත් සමගම ෂැංහයි හි මිලියන 25 ක පදිංචිකරුවන්ට නිවස්වලම රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

Bebinca සුළි කුණාටුව පැයට කිලෝමීටර 151 (පැයට සැතපුම් 94) දක්වා සුළගේ වේගයක් වාර්තා වී ඇති නිසා බලධාරීන් විසින් ඉහළම මට්ටම වන රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.