Connect with us

Local News

සජිත් ප්‍රේමදාස මහත්තයා සත පහක්වත් හොරකම් කරන්නේ නෑ

Published

on

සමඟි ජන බලවේග ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යනු පන්සිල් පද පහම රකින නායකයෙක් බවත්, ජනතාවගේ මුදල් සත පහක්වත් සොරකම් නොකරන බවත් සමඟි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතා පවසයි.

ඒ හේතුවෙන් එළඹෙන 21 වෙනිදා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සියළු දෙනාගේ ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (15) මඩකලපුවේ පැවති ජන රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ,

“සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ පන්සිල් පද පහම රකින ප්‍රේමදාස මහත්තයාගේ පුත්‍රයා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ දක්ෂතාවය පාවිච්චි කරලා නිවාස 20,000කට වැඩි ප්‍රමාණයක් හදලා ඒවගේම පන්සල් පල්ලි කෝවිල් 3000කට වැඩි ප්‍රමාණයක් ලැබිච්ච ඉතාමත් ස්වල්ප අවස්ථාවෙන් එතුමා ප්‍රයෝජනයට අරගෙන අපේ රටේ ජනතාවට උදව් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා සත පහක්වත් හොරකම් කරන්නේ නෑ. හැම සතයක්ම වියදම් කරන්නේ අපේ දුප්පත් ජනතාව වෙනුවෙන්. එයා බිස්නස් ක්ලාස් එකේ රට යන්නේ නෑ, පාටි දාන්නේ නෑ, අරක්කු බොන්නේ නෑ, අපේ ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නෑ. ඒක නිසා හරියට දුන්නොත් ගොඩ වැරදිලා දුන්නොත් අංගොඩ.”