Connect with us

Local News

තවම දැම්මේ නැද්ද? – අද අන්තිම දවස

Published

on

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අවසන් දිනයයි.

අදින් පසු තැපැල් ඡන්ද ඉල්ලුම් කළ කිසිදු රාජ්‍ය සේවකයෙකුට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව හිමි නොවන බව මැතිවරණ කොමිසම පවසනවා.

පසුගිය 4,5 සහ 6, 11යන දිනවලත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.