Connect with us

Local News

අනුරගේ අභියෝගය රනිල් පිළිගනී

Published

on

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ ඉදිරි සැලසුම වී ඇත්තේ  අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද යන්න පළමුව දැනුම් දිය යුතු බවය.

එසේ දැනුම්දීමෙන් අනතුරුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරතුමිය සමඟ සාකච්ඡාවකට එළඹිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

“මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු.” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේට.”

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (08) ජන රැලියක් අමතමින් සඳහන් කලේය.