Connect with us

Tech

Apple Event – September 9

Published

on

ඇපල් සමාගම සිය වාර්ෂික දෘඪාංග එළිදැක්වීමේ උත්සවයේදී අලුත් iPhone 16 මාදිලිය හඳුන්වා දුන්නා.

මේ අලුත්ම අයිතම කෘත්‍රිම බුද්ධිය ආශ්‍රය කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

කෘතිම බුද්ධිය තමන්ගේ නිෂපාදන සඳහා ඇපල් සමාගම යොදා ගත් පළමු අවස්ථාව තමයි මේ.

ChatGPT වගේ හඬ, පිංතූර යොදාගෙන මේ අලුත්ම මාදිලිය ක්‍රියාත්මක වෙනවා.

හැබැයි ඔවුන් Apple Intelligence නමින් අලුත්ම මෘදුකාංගයක් තමන්ගේ නව නිෂ්පාදන පෙළට ඇතුලත් කරලා.

ඒ ඇත්තටම ඇපල් හි තාක්ෂණය AI අවි තරඟයෙන් පසු බැස නැති බව ආයෝජකයින්ට ඒත්තු ගැන්වීමටට කියලත් විචාරකයෝ කියනවා.

iPhone 16 දුරකථන වගේම Apple Watch, ශ්‍රවණාධාර විශේෂාංගයක් සහිත නව AirPods මෙහිදී හඳුන්වලා දීලා තිබෙනවා.

අලුත් අලුත් නිෂ්පාදන වෙළෙඳපොළට ආවා වගේ නෙමෙයි ඒවායේ ගණන් කොහොමද කියලාත් දැනගන්න කැමතියි නේ.

ඉතින් ඇපල් සමාගම හඳුන්වා දුන්න අලුත්ම iPhone 16 ඩොලර් 799 කින් ආරම්භ වන බව සමාගම සඳුදා සිය නව කෘතිම බුද්ධි විශේෂාංග එළිදැක්වීමෙන් පසුව පැවසුවා.

iPhone 16 Plus ආරම්භ වෙන්නේ ඩොලර් 899 කින් .

නව Apple iPhone 16 Pro ඩොලර් 999 ක් සහ iPhone 16 Pro Max ඩොලර් 1,199 ක් වනු ඇති.

නව AirPods 4 ඩොලර් 129 ක් මිලවන අතර සක්‍රීය ශබ්ද අවලංගු කිරීමේ විශේෂාංගය සහිත AirPods 4 ඩොලර් 179 ක්.

සමාගමට අනුව Apple හි නව Series 10 ඔරලෝසුව ඩොලර් 399 කින් ආරම්භ වනවා.

නමුත් මේ සියල්ල පෙර-ඇණවුම් කර සැප්තැම්බර් 20 න් පසුව ලබා ගන්න පුළුවන්.

Continue Reading