Connect with us

Local News

බොරු වාර්තා දුන්නොත් ජනපති අපේක්ෂකයන්ට සිදු වන දේ

Published

on

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනකට අහෝසි වන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

එලෙස ප්‍රජා අයිතිය අහෝසි කෙරුණු අවස්ථා ඉතිහාසය පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

එමෙන්ම ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමටද ප්‍රතිපාදන ඇති බව හෙතෙම සඳහන් කළා.

මේ අතර ජනාධිපති අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් විස්තරය මැතිවරණයෙන් පසු පුවත්පත් දැන්වීම් වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නීතියෙන් අවසර හිමිවන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර සෑම මැතිවරණයක් අවසානයේදී දින තිස් එකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවද කොමිශන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

අපේක්ෂකයන්ගේ වියදම් විස්තරය දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු වනවා.