Connect with us

Local News

බිඳ වැටුන අපේක්‍ෂා

Published

on

මහරගම අපේක්‍ෂා රෝහලේ විකිරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වී තිබු බවට තොරතුරු වාර්තා වේ.

මේ හේතුවෙන් එහි පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ආපසු හැරී ගොස් තිබු බව සඳහන්ය.

මෙම සමුළුව ඊයේ(28) දිනයේ යෙදී තිබු අතර එම ඒකකය වසා ඇති බවට දැන්වීමක් ද ප්‍රදර්ශනය කිරීමෙන් පසුව මෙම නිළධාරීන් සමුළුවට සහභාගී වි තිබෙන බවට වාර්තා වේ.

මේ හේතුවෙන් ඈත ප්‍රදේශවල සිට වාහන කුලියට ගෙන පැමිණි රෝගින් දැඩි අපහසුතාවයකට පත් වූ බව පැවසේ.

මේ සම්බන්ධව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂක විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙලෙස සඳහන් කළේය.

” විකිරණ චිකිත්සක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුවක් නිසා අද (28) දා විකිරණ ප්‍රතිකාර ඒකකය වහලා. වෘත්තිය සමිතිවලින් පවත්වන සමුළුවලට සහභාගී වෙන්න එයාලය අයිතිය තියනවා . නමුත් ඒව‍ට සහභාගී වෙන්න ඕන රාජකාරී කටයුතුවලට බාධා නොවන විදියට . මේ නිලධාරීන් ඒ ක්‍රමවේදය අනුගමනය කරල නැහැ . ඒ නිසා මේ පිළිබඳව මම අමාත්‍යංශයට දැනුම් දීලා සුදුසු පියවරක් ගන්නවා.”

Continue Reading