Connect with us

Local News

අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට උනත් මම සූදානම්

Published

on

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එතුමාට සහාය පළකිරීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පවසනවා.

සමගි ජනබලවේග පක්ෂය විසින් අද (20) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම විපක්ෂනායකවරයා වටා හොඳ කණ්ඩායමක් සිටින බවත්, හොඳ නායකයෙකුට හොඳ කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කළා.

තමන් ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙක් බවත්, තමන්ට පාර්ලිමේන්තුවට යාමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් යම් කිසි අවස්ථාවක් හිමිවුවහොත් අවශ්‍ය නම් එම පුරවැසිභාවය ඉවත් කරගැනීමට වුව තමන් සූදානම් බවත්, ක්‍රීඩා අමාත්‍ය ධූරය හෝ කිසිඳු දෙයක් බලාපොරොත්තුවෙන් තමන් විපක්ෂය සමග එක්නොවූ බවත් තිලකරත්න දිල්ශාන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“මං ලොකු කැපකිරීමක් කරලා ආවේ.. මගේ දරුවෝ ඔක්කොම ඔස්ට්‍රේලියාවේ.. දරුවන්වත් දාලා ආවේ පක්ෂ පාට භේදයකින් තොරව රටට දෙයක් කරන්න..”