Connect with us

International

ජපන් ගුවන් ගමන් 36ක් අවලංගු කරයි හේතුව කතුරක්

Published

on

ජපානයේ Hokkaido හි New Chitose ගුවන් තොටුපළේ කතුරක් අතුරුදන් වීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් වාර්තා වනවා.

සති අන්තයේදී ජපාන New Chitose ගුවන් තොටුපලේ බෝඩිං ගේට්ටුව අසල ගබඩාවක තිබූ කතුරක් අතුරුදහන් වීම නිසා ගුවන් ගමන් තිස් හයක් අවලංගු කර 201ක් ප්‍රමාද වූ බව සඳහන්.

ඒ අනුව ගුවන් තොටුපළේ අභ්‍යන්තර පර්යන්තයේ ආරක්‍ෂක පරීක්‍ෂණ සෙනසුරාදා උදෑසන පැය දෙකක පමණ කාලයක් අත්හිටුවන ලද අතර, සංචාරකයින් සිය ගණනක් තාවකාලිකව අතරමං වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අතුරුදන්වූ කතුර සොයා පිටත්වීමේ විවේකාගාරයේ සිටි මගීන්ගේ ආරක්ෂක පරීක්ෂාවන් නැවත සිදු කිරීම නිසා විශාල අවහිරතා සහ පෝලිම් ඇතිව තිබෙනවා.

නමුත් එම අතුරුදහන් වූ කතුර නැවත සොයා ගෙන ඇත්තේ පසුදිනයි.

ආරක්ෂක පරීක්ෂාවන් අවසානයේ එදිනම ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් නිව් චිටෝස් ගුවන් තොටුපළේ ක්‍රියාකරු වන හොක්කයිඩෝ ගුවන් තොටුපළ සඳුදා නිවේදනය කළේ ඉරිදා වෙළඳසැලේ සේවකයෙකු විසින් අතුරුදන්වූ කතුර සොයාගත් බවයි

කතුර නැතිවූ කතුරට සමාන බව තහවුරු කරන තුරු ඔවුන් මෙම නිවේදනය කිරීම නතර කළ බව බලධාරීන් පැහැදිලි කර තිබුණා.

අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් හේතුවෙන් පීඩාවට පත් බොහෝ සංචාරකයින් ජපානයේ වාර්ෂික බොන් නිවාඩුවෙන් පසු නිවෙස් බලා පියාසර කරමින් සිටි අය බව සඳහන්.

මෙය පැහැරගැනීම් හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ විය හැකි සිදුවීමක් බව නොදන්නා බවත් සිද්ධිය සම්පූර්නයෙන්ම කලමනාකරණය කර ඇති බව හොක්කයිඩෝ ගුවන් තොටුපළ නිවේදනය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළේ ප්‍රතිචාරය පැසසුමට ලක් කළ මගින් පවසා ඇත්තේ, ජපාන ගුවන් ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය යළිත් තහවුරු කළ බවයි.

New Chitose යනු ජපානයේ කාර්යබහුලම ගුවන් තොටුපළවලින් එකක් වන අතර, ලෝකයේ දෙවන වැඩිම දේශීය ගුවන් මාර්ගය ලෙස ද සැලකෙනවා.

Continue Reading