Connect with us

International

අමෙරිකාව මුහුණදෙන අලුත්ම අනතුර

Published

on

අමෙරිකා එක්සත් ජනපදය සැලකිය යුතු කොවිඩ්-19 රැල්ලක් මධ්‍යයේ සිටින බව වාර්තා වනවා.

අපජලයේ වෛරස් ක්‍රියාකාරකම් මට්ටම් 2022 ජුලි මාසයේ සිට වැඩිවීමක් අත්විඳින බවයි එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය පවසන්නේ.

අපජලයේ ජාතික කොවිඩ් වෛරස් ක්‍රියාකාරකම් පිළිබඳ මිනුම අගෝස්තු 10 වන දින 8.82 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2022 වසරේ කොවිඩ් උච්ච වූ ජූලි මාසයේදී එය 9.56 ලෙස සටහන්ව තිබෙනවා.

මේ නිසා මේවන විට මුහුණු ආවරණ සහ වායු පවිතකාරක නැවත භාවිත කිරීමට කාලය එළඹ ඇති බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවද සඳහන්.

Continue Reading