Connect with us

International

ටෙස්ල සමාගමට චීනෙන් අභියෝගයක්.

Published

on

වේගයෙන්ම ආරෝපණයවන විදුලි මෝටර් බැටරිය තම සමාගම සතුවන බව චීන මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Zeekr පවසනවා.

විදුලි වාහන (EV) බැටරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන ටෙස්ලා ඇතුළු එහි ඕනෑම ප්‍රතිවාදීන්ට වඩා තම බැටරිය වේගයෙන් ආරෝපණය වන බවයි ඔවුන් පවසන්නේ.

එහි වැඩි දියුණු කරන ලද බැටරිය ආරෝපණ මධ්‍යස්ථාන භාවිතයෙන් විනාඩි 10 හමාරක් තුළ ධාරිතාව 10% සිට 80% දක්වා ආරෝපණය කළ හැකියි.

එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගම පවසන්නේ මිනිත්තු 15ක දී ලබා ගන්නා ආරෝපණයක් මගින් එහි මාදිලි 3 ට සැතපුම් 175ක් (282 km) ක දුරක් ධාවනය විය හැකි බවයි.

එය විදුලි මෝටර් රථයේ එක් ආරෝපණයකදී ගමන් කළ හැකි සම්පූර්ණ දුරෙන් අඩකට අඩු ප්‍රමාණයක්.

Zeekr සමාගම මගින් නිෂ්පාදනය කර ඇති නව බැටරිය සහිත සෙඩාන් 2025 007 නව විද්‍යත් මෝටර් රථය ලබන සතියේ වෙළෙඳපොළට පිවිසෙනවා.

Continue Reading