Connect with us

Breaking News

උගන්ඩාවේ කසල කන්දක් නාය යයි 21ක් මරුට

Published

on

උගන්ඩාවේ කම්පාලා අගනුවර විශාල කසළ කන්දක නාය යාමෙන් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය සති කිහිපය පුරා ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් පසු නගරයේ එකම කසළ රඳවන ස්ථානයේ විශාල කසළ කන්දක් මෙලෙස කඩා වැටී අසළ නිවැසියන්ගේ නිවාස බිමට සමතලා කරමින් මෙම අනතුර සිදුව තිබෙනවා.

ගලවාගැනීමේ සේවකයින් විසින් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා කැණීම් කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම කුණු කන්ද අසල ජීවත් වන සියලු දෙනා ඉවත් කිරීම සම්බන්ධීකරණය කරන ලෙස තමා අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දුන් බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

නාය යාමට හේතුව පිළිබඳව මේ වන විට රජය ද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවට අනාවරණවන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව පියවර ගන්නා බව රජයේ පරීක්ෂක කාර්යාලය පවසා ඇති බව සඳහන්.

මේ වන විට අනතුරට පත් පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති අතර, නාය යාමෙන් අවතැන් වූවන් සඳහා ඒ ආසන්නයේ කූඩාරම් ඉදිකර ඇති බව රතු කුරුස සංවිධානය පවසනවා.

Continue Reading