Connect with us

Local News

විජිත්මුණි හේරත් රනිල් ගාවට පනී

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණ සමයේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදීමට ඔහු සූදානමින් සිටින බවයි වාර්තා වේ.

විජිත් විජිතමුණි මහතා ඌව පළාතේ මහඇමතිවරයාද කටයුතු කර ඇති අතර පසුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්විය.

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද මහින්ද රාජපක්ෂ රජයේ කටයුතු කළ ඔහු පසුව මෛත්‍රිපාල සිරිසේන රජයට සහය පල කරමින් මාධ්‍ය හමුවකදී ‘අප්පච්චි මළා’ ලෙස සිදුකළ ප්‍රකාශය එකල දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනයකට ලක්විය.

පසුව සමගි ජනබලවේගය පක්ෂය හා එක්වූ ඔහු පසුගි මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35,879 පමණක් ලබාගෙන පරාජයට පත්විය.

ඉන් අනතුරු මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත්ව කටයුතු කරන විජියමුණි මහතා අද දිනයේ බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙන රැළියේදී එක්සත් ජාතික පක්ෂයට සහය පලකරන නිල නිවේදනය සිදුකිරීමට නියමිතය.