Connect with us

Breaking News

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටේ

Published

on

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ප්‍රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී Vinhedo නගරයට කඩා වැටුණු බවයි Voepass ගුවන් සේවය පවසන්නේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනවල දැක්වෙන්නේ ගුවන් යානය සිරස් අතට පහළට පැමිණ, එය සර්පිලාකාරව පහළට වැටෙන ආකාරයයි.

ATR 72-500 යානයේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙකු සිට ඇති අතර ප්‍රාදේශීය බලධාරීන්ට අනුව අන්තුරින් දිවි ගලවා ගත් අය කිසිවෙකු නොමැති බව වාර්තා වනවා.

Continue Reading