Connect with us

Tech

Galaxy Ring

Published

on

Samsung සමාගමෙන් නිකුත් කරපු අලුත්ම Tech product එක තමයි Samsung Galaxy Ring කියන්නේ. $399.9 ඉදන් මේක මිලදී ගන්න පුලුවන්. ඒ වගේම Oura Ring Gen3 සහ Evie Ring වගේ ඉතා හොඳ මට්ටමේ ස්මාට් මුදු වෙළදපොලේ අපිට බලාගන්න පුළුවන්. මේවා එක්ක තරග කරන්න එන Samsung Ring එකේ තියෙන පහසුකම් මොන වගේද කියල බලමු.

වෙනත් ස්මාර්ට් මුදු වල වගේම මේකෙත් හොඳින් වැඩිදියුණු කරපු built-in heart rate monitor එකක්, blood pressure monitoring and aFib detection system එකක් , sleep tracker, සහ blood oxygen levels and body composition system එකකින් සමන්විත වෙයි කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වගේ සෞඛ්‍ය සම්බන්ද පහසුකම් වගේම මුද්ද පාවිච්චි කරන අයට සම්බන්ධ වෙලා තියෙන වෙනත් උපකරණ පාලනය කරන්න පුළුවන් හැකියාවත් තියෙයි කියලා විශ්වාස කරනවා. උදාහරණයක් විදිහට Smart TV එකක් පාලනය කරන්න වගේ දේවල් මේ මුද්දෙන් කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. බොහෝ දුරට, මුද්ද බ්ලූටූත් හරහා ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනයට සම්බන්ධ කරන්න පහසුකම තියෙයි. තාමත් මේ මුද්ද නිකුත් කරන දිනයක්වත් මේකෙ මිලවත් Samsung සමාගම විසින් කියලා නෑ. එත් මේ මුද්ද $300 ත් $550 ත් අතර පරාසයක මිලක් වෙයි කියලා ඇතැම් වෙබ් අඩවි පෙන්වල දෙනවා.

Continue Reading