Connect with us

Sports

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට කඩුළු 10ක අන්ත පරාජයක් අත් කර දෙමින් ඉන්දියාව ආසියානු කුසලානය දිනාගනී.

Published

on

2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී කඩුළු 10ක අන්ත පරාජයක් ශ්‍රී ලංකාවට අත්කර දෙමින්. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දුර්වල පිතිකරණය හේතුවෙන් ලබාගැනීමට හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 50ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13ක් ලබා ගත් අතර කිසිදු පිතිකරුවෙකුට 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි වුණා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Mohammed Siraj ලකුණු 21කට කඩුළු 6ක් සහ Hardik Pandya කඩුළු 3ක් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6.1ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. අද තරගයේ ලකුණු 50කට සියළු දෙනා දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන සහ ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන මෙම තරගයේදී වාර්තා කළා. ඒ අනුව පසුගියවර ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකාවට මෙවර අනුශූරතාවයෙන් සැහීමකට පත් වීමට සිදු වුණා. තරගයේ වීරයා සම්මානය ලකුණු 21කට කඩුළු 6ක් දවාගත් Mohammed Siraj දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය Kuldeep Yadev දිනාගත්තා.