Connect with us

Local News

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.

Published

on

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කිරීම ඇසළ පොහෝ දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් වනවා. මීට අමතරව රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහැර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම යන සිදුවීම්ද ඇසළ පුන් පොහොය දින‍යක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.