Connect with us

Local News

ජෙරම් ප්‍රනාන්දු යළි සමාව අයදියි.

Published

on

ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ, දේවගැති ජෙරම් ප්‍රනාන්දු බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ජනතාවගෙන් යළි සමාව ඉල්ලා තිබෙනවා. ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ සංවිධාන කළ ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි. දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගමික දේශනයකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ රට තුළ දැඩි කතාබහට ලක්වුණා. ඒ එම ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට විවිධ පාර්ශ්ව චෝදනා කිරීමත් සමගයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පැනවූවා. ඒ වනවිටත් විදෙස් ගතවී සිටි දේවගැති ජෙරොම් ප්‍රනානදු පසුගියදා ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කියා සිටියේ තමා කළ ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිලිබදව සියලු ආගමික පාර්ශවයන් වෙතින් සමාව ඉල්ලා සිටින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ වන විට සිය නීතිඥයන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

Continue Reading