Connect with us

International

Shubman Gillගේ ශතකය හා Mohit Sharmaගේ කඩුළු 5 සමගින් Mumbai කණ්ඩායම පරදා Gujarat Titans කණ්ඩායම IPL අවසන් මහා තරගයට.

Published

on

Gujarat Titans සහ Mumbai Indians අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීගයේ අවසන් වටයේ Qualifier 2 තරගය ලකුණු 62කින් ජයගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලබගැනීමට Gujarat Titans කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai කණ්ඩායමේ Rohit Sharma පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 233ක් රැස් කළා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shubman Gill පන්දු 60කදී ලකුණු 129ක් රැස් කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය තුන්වන ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ලකුණු 234ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි Mumbai කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණයි. Suryakumar Yadev ලකුණු 61ක් සහ Thilak Varma ලකුණු 43ක් රැස් කළා. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mohit Sharma ලකුණු 10කට කඩුළු 5ක් බිඳ හෙළුවා. ඒ අනුව තරගය ලකුණු 62කින් ජය ගනිමින් අවසන් මහා තරගය සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස්කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.