Connect with us

Local News

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගනී.

Published

on

සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද ගොඩ ගැණුනා. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දේහය අද යළි ගොඩගැනීමට පියවර ගෙන තිබුණා.
ඒ මහතාගේ දේහය ගොඩ ගැණුනේ මාස 5කට වැඩි කාලයකට පසුව වීමද විශේෂත්වයක්. අද උදෑසන 8.30ට පමණ දේහය ගොඩගැනීමේ කටයුතු ආරම්භ කළ අතර අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයද පැමිණ සිටියා. ඒ අධිකරණය විසින් ඊයේ ලබා දුන් නියෝගයකට අනුවයි. මේ අතර අද දින දේහය ගොඩගැනීමේ අවස්ථාව ආවරණය කිරීමේදී පොලීසියෙන් ඊට බාධා එල්ල වී තිබෙනවා. ගොඩගත් දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කෙරෙන බව මීට පෙර අධිකරණයේදී අනාවරණ වූවා. දත් බැඳ ප්ලාස්ටික් පටියකින් ගෙල සිරකර සිය මෝටර් රථය තුල දමා සිටි ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදා සොයා ගෙන තිබුණේ බොරැල්ල කනත්තේදීයි. 51 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 10 මල්පාර ප්‍රදේශයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ද වනවා. එහිදී දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සිර කිරීමකින් සිදුව ඇති බවයි. ඒ අනුව, මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කළා. එහිදී දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරට විෂ ශරීර ගත වී තිබූ බවට ද අනාවරණ වී තිබුණා.

Continue Reading