Connect with us

Local News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක්.

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී අද පත් කර ගැනුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත, පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට පක්ෂයේ සභාපතිවරයා ලෙස සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් ලිපියක් මගින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව අද මහ සභා රැස්වීම පැවැත් වුණේ පක්ෂයේ සභාපතිවරයා වන ජී.එල්. පීරිස් නොමැතිවය. මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනුණු අතර ඒ අනුව නව සභාපතිවරයෙක් පත් කර ගැනුණා. ඒ අනුව පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ පත් වූයේ මහසභාවේ ඒකමතික ඡන්දයෙනි. සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත් වූහ.