Connect with us

Local News

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වෙයි.

Published

on

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව බලශක්ති උත්පාදනය සදහා ගිගාවොට් පැය 49.53ක බලශක්ති ඉල්ලුමක් වාර්තා වූ අතර අද දින සඳහා ගිගාවොට් පැය 50 ඉක්මවන බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරන බවයි ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ. මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍ර ඇතුළු සියලුම ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාර විදුලි උත්පාදනය සදහා යොදා ගැනෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.