Connect with us

International

ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා උග්‍ර අතට.

Published

on

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව එරට පවතින අඛණ්ඩ විරෝධතා මේ වන විට දසවන සතියටත් පැවැත්වෙනවා. ලක්ෂ 5කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්වුණු විරෝධතාව ඊශ්‍රායල ඉතිහාසයේ පැවති දැවැන්තම විරෝධතාව ලෙසටයි විදෙස් මාධ්‍ය හඳුන්වන්නේ. ටෙල්අවිව් නගරයට පමණක් ලක්ෂ දෙකකට අධික විරෝධතාකරුවන් පිරිසක් රැස්ව සිටි බව සඳහන්. විරෝධතාකරුවන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් එරට අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි මරු පහරක් එල්ල විය හැකි බවයි.