Connect with us

International

බයිඩන් යුක්‍රේනයේ හදිසි සංචාරයක.

Published

on

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයේ කියෙව් අගනුවරට ගොඩබැස තිබෙනවා. ඒ හරියටම රුසියාවේ ආක්‍රමණයේ පළමු සංවත්සරයට දින තුනකට පෙරයි. යුක්‍රේනයට ගොඩ බට ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ “ආක්‍රමණයෙන් වසරකට පසුවත්, කියෙව් එය ශක්තිමත්ව දරාගෙන සිටියි,
යුක්රේනය එයට එරෙහිව නැගී සිටියි, යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් සහ ස්ථාවරයි.” යනුවෙනි. දරුණු යුද ගැටුමකට මැදිව ඇති යුක්‍රේනයේ සිදුකළ මෙම හදිසි සංචාරය සඳහා ජනාධිපති බයිඩන් කියෙව් වෙත ගොඩබසින අතරේ නව අවි ආයුධ සඳහා ඩොලර් මිලියන 500ක්ද ප්‍රකාශයට පත් කළා. ඔහුගේ සංචාරය රහසිගතව සිදුව තිබූ අතර ඔහු සමග පැමිණ සිටියේ වාර්තාකරුවන් දෙදෙනෙකු පමණයි. ඇමරිකානු ජනාධිපතිවරයා මැරින්ස්කි මාළිගයේදී ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හමුවූ අතර කාලතුවක්කු, පතොරම්, සහ හොවිට්සර් ඇතුළු අමතර යුධ ආධාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන භාගයක් වෙන් කරන බව ජෝ බයිඩන් ප්‍රකාශ කළේ එහිදීයි. ඇමරිකානු ජනාධිපති ජෝබයිඩන් පෝලන්තයේ දෙදින සංචාරයක් සඳහා අද (20) සවස වොෂින්ටන් නුවරින් පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඔහු වෝර්සෝහිදී අගමැති මෝෂස් මෝරව්ෂී (Mateusz Morawiecki) හමුවීමට මීට පෙර සැලසුම් කර තිබුණා. එක්සත් ජනපදය ප්‍රමුඛ, මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් වෙතින් ලැබෙන ආධාර යුක්‍රේනයේ භූමි ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා වන දඩබ්බර ප්‍රතිරෝධයට මහත් උපකාර‍යක් වී ඇති අතර මේ වන විට ඇමරිකාව පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 100කට වඩා ආයුධ සහ ආධාර එරටට යවා තිබෙනවා.