Connect with us

International

අවුන්සාන් සුකීට වසර 07ක සිරදඬුවමක්.

Published

on

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක් එරට හමුදා අධිකරණය මගින් පනවා තිබෙනවා. ඒ සමඟ ඇගේ දඬුවම් කාලය වසර 33ක් දක්වා දීර්ඝ වනවා. අවුන්සාන් සුකීගේ රජය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරළා දැමුණු අතර, නිවාස අඩස්සියේ රඳවා ගැනීමෙන් පසු අද දිනය දක්වා ඇයට චෝදනා 19කට අදාළව නඩු පවරනු ලැබුවා. අමාත්‍යවරයෙකුට නියමිත පටිපාටිය අනුගමනය නොකරමින් හෙලිකොප්ටරයක් බද්දට ලබාදීම ඇතුළු ඉතිරිව තිබූ චෝදනා 05කට අදාළවයි මෙලෙස අද දිනයේදී ඇයට වසර 07ක සිරදඬුවම් නියම කර ඇත්තේ. පසුගිය සතියේ දී ජගත් ආරක්ෂක කවුන්සිලය ඇයව නිදහස් කරන ලෙසද මියන්මාර හමුදා ජුන්ටාවෙන් ඉල්ලීමක් කළා.