Connect with us

Sports

කැන්ඩි කණ්ඩායමට කඩුළු 9ක ජයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර අද (17) පැවති තරගයෙන් කඩුළු 9ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව පිටියට පිවිසි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියළුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 106ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41යි. තරගය ජයගැනීම සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 107ක්. ඒ අනුව පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 108ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය. කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 51ක් සහ ඇන්ඩෘෘ ෆ්ලේචර් ලකුණු 44ක් රැස් කළේය. විශිෂ්ට පන්දුයැවීමක් කළ චාමික කරුණාරත්න ලකුණු 11කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.